Latest News

IPL 2025: අවසන් තරගය පවත්වන ක්‍රීඩාංගනය ගැන දැනුම්දීමක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 IPL තරගාවලියේ අවසන් මහා තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ 2024 IPL ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිජබිම වන ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගනය 2025 තරගාවලියේ ආරම්භක තරගය ද පැවැත්වීමට සූදානම් කර ඇති බවයි.

මෙවර IPL තරගාවලියේ මාර්තු 22 වන දින ආරම්භ වන අතර, අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ දී IPL අවසන් මහා තරගයක් පැවැත්වෙන්නේ වසර දහයකට පසු වන අතර, මීට පෙර 2013 සහ 2015 වසරවල දී අවසන් මහා තරග සඳහා ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගනය සත්කාරකත්වය ලබා දී තිබෙනවා.

2025 IPL තරඟාවලිය දින 65 ක් පුරා විහිදී ඇති අතර අවසන් මහා තරගය ද ඇතුළුව සමස්ත තරඟ 74ක් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරඟාවලියේ ආරම්භක තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එකිනෙකා මුණ ගැසෙනවා.

2022 වසරේ දී IPL කණ්ඩායම් දහයක් දක්වා ව්‍යාප්ත වූ පසු සෑම වාරයකම කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තරගාවලියට එක්කර අතර, මෙවරත් එම ක්‍රමයම ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව සෑම කණ්ඩායමක් ම මූලික වටයේ දී තරග 18 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today