ඔස්ට්‍රියාවේ 14 හැවිරිදි පිරිමි දරුවකු ඝාතනය කර තවත් පස් දෙනෙකුට තුවාල සිදු කළ පිහි ඇනුම, IS ප්‍රහාරයක් බව ඔස්ට්‍රියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා.
මෙම පිහි ප්‍රහාරය පසුගිය සෙනසුරාදා එල්ල කර තිබුණේ ඉතාලි – ස්ලෝවේනියානු මායිමට ආසන්න නගරයක් වන විරාච්හිදීයී.
එහිදී තුවාල ලැබූ පස් දෙනෙකුගෙන්, තුන් දෙනෙක් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඔස්ට්‍රියානු මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ විසි තුන්හැවිරිදි සිරියානු සරණාගතයෙකුටයි.
මිනීමැරුම් හා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
සැකකරුගේ මහල් නිවාසයේ තිබී IS කණ්ඩායමට අයත් ධජයක් සොයාගත් බවයි ඔස්ට්‍රියානු බලධාරීන් ප්‍රකාශ කළේ.
සැකකරුට වලංගු පදිංචි බලපත්‍රයක් නොමැති බවත් මීට පෙර අපරාධ වාර්තාවක් නොමැති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඔහු සරණාගත ඉල්ලීම පිළිබඳව තීරණයක් බලාපොරොත්තුවෙන් සිටි අයෙකු බවයි ඔස්ට්‍රියානු මාධ්‍ය වාර්තා කළේ.