Latest News

ඉතාලි දේශසීමාව ආසන්නයෙන් මතු වූ ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් ඇති දේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ රේගු නිලධාරීන් විසින් ඩයිනෝසර දත් නවයක් සොයා ගෙන තිබෙනවා.

ඒ ඉතාලි දේශසීමාව ආසන්නයේ අධිවේගී මාර්ගයේ ස්පාඤ්ඤ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදීයී.

මෙම ඩයිනෝසර දත් නවය පාර්සල් දෙකක ඔතා තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එය පරීක්ෂා කිරීම සඳහා මෙන්ටන් නගරයේ ප්‍රාග් ඓතිහාසික කෞතුකාගාරක් වෙත යොමු කර තිබෙනවා.

විශේෂඥයන් සඳහන් කළේ මෙම දත් මොරොක්කෝවේ අග ක්‍රිටේසියස් යුගයේ – වසර මිලියන 72 සිට 66 දක්වා – උරගයින්ට අයත් බවයි.

එමෙන්ම එයින් දත් 03ක් මීටර දොළහක් දක්වා වූ විශාල ජලජ ජීවියෙකුට අයත් බව බවද සොයාගෙන තිබෙනවා.

අනෙකුත් දත් කිඹුලන්ගේ දුරස්ථ මුතුන් මිත්තෙකු වන ඩයිරෝසෝරස් පොස්පේටිකස් වර්ගයට අයත් යැයි විශ්වාස කෙරෙනවා.

එම දත් ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු ප්‍රකාශ කර ඇත්තේ ඉතාලියේ ජෙනෝවා සහ මිලානෝ නගරවල ලිපියන් වෙතට මෙම පාර්සල් භාර දෙන්නැයි දැනුම් දී තිබූ බවයි.

කෙසේවෙතත් නිලධාරීන් පැකේජවල අපේක්ෂිත ලබන්නන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම පොසිල එකතු කිරීම නීත්‍යානුකූල නමුත් ඒවා අපනයනය කිරීම සඳහා බොහෝ විට බලපත්‍රයක් අවශ්‍ය වනවා.

World News

Send your contact Details Today