Latest News

ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමට බාධාවක් මතුවෙයි – වාහන මිල තවත් ඉහළට?

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇතත් ජපාන වාහන මෙරටට වාහන ආනයනය කිරීමේදී ගැටලුවක් මතුවී තිබෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පෙන්වා දෙන්නේ ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව තිබෙන බවයි.

ඒ හේතුවෙන් වාහන ආනයන සමාගම් හා ආනයනකරුවන්ගේ පුද්ගලික විශ්වාසය හා ඔවුන්ගේ හැකියාව මත වාහන ගෙන ඒමට සිදුවී ඇති බවද ඔහු කියා සිටිනවා.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට බැංකු හරහා තවත් ක්‍රමවේදයක් ඇති බවත් එයින් ද සිදුවන්නේ වාහනවල අමතර මුදලක් වැය වී වාහන තවත් මිල ඉහළ යාම බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today