Latest News

තල්මසෙක් විසින් ගිල දැමූ තරුණයෙකු හාස්කමකින් බේරෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තල්මසෙකු විසින් මිනිසෙක් සහිත බෝට්ටුවක් ගිල දමා යළි එම මිනිසා සහ බෝට්ටුව නිරුපද්‍රිතව පිටතට දැමූ පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

චිලී රාජ්‍යයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මීට මුහුණ පා ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.

මෙම පුද්ගලයා තම පියා සමඟ චිලී හි මුහුදු තීරයක බෝට්ටු පදිමින් සිටිය දී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

චිලී හී දකුණු පැටගෝනියා කලාපයේ මැගෙලන් සමුද්‍ර සන්ධියේ සැන් ඉසිඩ්‍රෝ ප්‍රදීපාගාරය අසළ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒඩ්‍රියන් සිමන්කාස් නැමැති මෙම පුද්ගලයාව ඔහු සිටි කුඩා බෝට්ටුව ද සමඟ තල්මසා විසින් ක්ෂණිකව ගිලදමා නිරුපද්‍රිතව මුදාහරින ආකාරය ඔහුගේ පියා විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබුණා.

World News

Send your contact Details Today