මියන්මාරයේ සයිබර් අපරාධ ම්‍යධස්ථානයක සේවය කරමින් සිටි රටවල් 20කට අයත් 250කට වැඩි පිරිසක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සන්නද්ධ කණ්ඩායමක් විසින් මොවුන් නිදහස් කර තායිලන්තයට රැගෙනවිත් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ අතර කෙන්යාව / පිලිපීනය / මැලේසියාව / පාකිස්තානය / චීනය / ඉන්දුනිසියාව / තායිවානය / නේපාලය / බ්‍රසිලය / බංග්ලාදේශය / ශ්‍රී ලංකාව / ඉන්දියාව / නයිජිරියාව / කාම්බෝජය ආදී රටවලින් පැමිණි පිරිස් සිටින බව එම වාර්තා සඳහන් කරනවා.
පිරිමින් 221ක් දෙනෙකු හා කාන්තාවන් 39 දෙනෙකු ඊට අයත් වනබවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.
විදේශිය ශ්‍රමිකයන් මෙම වංචාකරුවන්ට හසුවී ඇත්තේ ඉහළ වැටුප් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
ඇතැම් විට ඔවුන් මියන්මාරය නොව තායිලන්තය වැනි රටවල රැකියා ලබාදෙනු ඇති බවට රැවටීමට ලක්වූවන්.
තායි මියන්මාර දේශසිමාවේ මෙම වංචා මධ්‍යස්ථානවල බොහෝ දෙනා සිරකරගෙන නීතිවිරෝධි මූල්‍ය වංචා ඇතුලු විවිධ සයිබර් අපරාධ සඳහා ඔවුන්ගේ සේවාව ලබාගෙන තිබෙනවා.
මුදාගත් මෙම පිරිස ඉදිරියේ දී ඔවුන්ගේ රටවලට යැවීමට කටයුතු කරනු ඇති.