අමරිකාව වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා 25 %ක නව තීරු බදු පැනවීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා.
ගෝලීය වෙළඳ හවුල්කරුවන්ගෙන් ඇමරිකාව වෙත ගෙන්වනු ලබන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන කෙරෙහි 25% ක අතිරේක තීරු බදු පැනවීම පසුගිය දා ඇමරිකා රජය ප්‍රකාශයට පත් කළා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ, ඇමරිකාවේ එම ක්‍රියාව ඒකපාර්ශ්වික හා ආරක්ෂණවාදී ක්‍රියාවක් වන අතර එය විවිධ රටවල අයිතිවාසිකම් සඳහා සිදු කරන බරපතල හානියක් බවයි.
සිය වැරදි ක්‍රියාවන් වහාම නිවැරදි කර ගනිමින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට නැවත පැමිණ, සාම සාකච්ඡා හරහා තම තමන්ගේ ගැටළු විසඳාගැනීමට විවිධ රටවල් සමග කටයුතු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා පවසා තිබෙනවා.