Latest News

RCB කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් (RCB) කණ්ඩායමේ නව නායකත්වයට රජත් පටිදාර් (Rajat Patidar) නම්කර තිබෙනවා.

31 හැවිරිදි රජත් 2021 වර්ෂයේ සිට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සමග ක්‍රීඩා කරන අතර මෙවර ඔහුට කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් නායකත්වය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2025 මෙම වසරේ මාර්තු 21 වැනිදා සිට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ RCB හි නායකයා වන්නේ රජත් පටිදාර්.

පටිදාර් RCB වෙනුවෙන් ජාත්‍යන්තර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ගණනාවක් ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ ඉහළතම ලකුණු වන්නේ නොදැවුණු ලකුණු 112යි.

පටිදාර් ප්‍රධාන පිතිකරුවෙකු ලෙසයි සැළකෙන්නේ.

2022 සිට 2024 දක්වා RCB නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර නායකත්වයට පත් නොකර ඇති අතර බොහෝ දෙනෙක් විශ්වාස කළේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක විරාට් කෝලි වෙත යළිත් නායකත්වය පැවරෙනු ඇති බවයි.

නමුත් එම විශ්වාසයන් බිඳ දමමිනුයි රජත් පටිදාර් හට මෙම තනතුර ලැබී ඇත්තේ.

RCB කණ්ඩායම් අධ්‍යක්ෂ මෝ බොබට්, ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් සහ පටිදාර් සහභාගී වූ උත්සවයකදී බැංගලෝර්හි දී අද (13) මෙය නිල වශයෙන් දැනුම්දුන්නා.

2021 දී ඔවුන් සමඟ එක් වූ දා සිට පටිදාර් කණ්ඩායම වෙනුවෙන් වාර තුනක් ක්‍රීඩා කර ඇති අතර තරග 28කදී 158.85ක ප්‍රහාරක වේගයකින් ලකුණු 799ක් ලබා සිටිනවා.

“රාජත්ට සන්සුන් බවක් ඇති අතර එය රජත්ට හොඳ ස්ථාවරයක් වනු ඇත, විශේෂයෙන් IPL හි,ඔහු ස්වභාවයෙන්ම නිහඬ පුද්ගලයෙක්, නමුත් ඔහු ක්‍රීඩක විවේකාගාරයේ සිටම ඔහු වටා සිටින පුද්ගලයින් ගැන සැලකිලිමත් වනවා. නායකයෙකු ලෙස, එම ගුණාංග වැදගත් වේ…” යනුවෙන් ෆ්ලවර් ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today