Latest News

හැර ගිය පෙම්වතා හෝ පෙම්වතියගෙන්, ආදරවන්තයින්ගේ දිනයේදීම පළිගන්න අවස්ථාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය පෙම්වතා හෝ පෙම්වතිය හැර යෑමේ කෝපය සහ වේදනාව තුරන් කිරිමට පෙම්වතුන්ගේ දිනයේදි පෝලන්තයේ සත්ත්වොද්‍යානායක අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමා හැර ගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නමින් කැරපොත්තකු නම් කර වෙනත් සතුන්ට ආහාරයට ලබාදීමෙන් තම කෝපය සහ වේදනාව තුරන් කරගැනීමට එරට තරුණ පරපුරට එහි බලධාරින් කදිම අවස්ථාවක් උදා කර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පෝලන්තයේ තරුණ පරපුර අතර ප්‍රේමය සම්බන්ධයෙන් ඇතිවන ආතතිය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන එම වැඩසටහනට එක්වන තරුණ තරුණියන් පවුම් 12ක් ගෙවා කැරපොත්තකු මිලදී ගත යුතු බවත්, එම කැරපොත්තාට තම හිටපු පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම යොදා වෙනත් සත්ත්වයන්ට ආහාරයට ලබාදීමට අවස්ථාව ලැබෙන බවත් සත්ත්වෝද්‍යාන බලධාරීන් නිවේදනය කර ඇතැයි වාර්තා වනවා.

මීට පෙර පසුගිය වසරේ පෙම්වතුන්ගේ දිනයේදී අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ සත්ත්වෝද්‍යානයක ද එවැනිම වැඩසටහනක් ක්‍රියාත්මක තිබූ අතර, එහිදී කැරපොත්තන් ඩොලර් 10ක මුදලකට අලෙවි කර තිබූ බව වාර්තා වනවා.

World News

Send your contact Details Today