මාරාන්තික ඉබෝලා වසංගතය උගන්ඩාවේ යළි ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ජනවාරි මස අවසන් භාගයේදී එම වෛරසය ආසාදිතවූවකු මිය යෑමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ ආරම්භ වූ නව වසංගතය මේ වනවිට පුද්ගලයන් 9 දෙනකුට ආසාදනය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සැක සහිත තවත් පුද්ගලයන් 265 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය යටතේ අධීක්ෂණය කරමින් සිටින බවයි.
එම ආසාදිතයන්ගෙන් 07 දෙනකු කම්පාලා අගනුවර රෝහල්ගත කර ඇති අතර, තවත් පුද්ගලයකු නැඟෙනහිර පළාතේ එම්බාලේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා වනවා.
අවසන් වරට වසර 2022 සැප්තැම්බරයේදී උගන්ඩාවේ පැතිරී ගිය ඉබෝලා වසංගතයෙන් පුද්ගලයන් 55 දෙනකුට ජීවිත අහිමි වූ අතර, මාස 4ක කාලයකට හදිසි වසංගත තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබුණා.