Latest News

OPEN AI වෙනුවෙන් එලෝන් මස්ගේ ලංසුව පිළිබඳව තොරතුරු එළියට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ කෘතීම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛතම පර්යේෂණායතනයක් වන OPEN AI සමාගම මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 97.4ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, එලෝන් මස්ක් ප්‍රමුඛ ආයෝජකයින් පිරිසක් විසින්.

‍OPEN AI සමාගමේ තක්සේරු කළ වත්මන් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 300ක් බව විදෙස් වාර්තාවල සඳහන් වුණා.

ඒ අනුව එලෝන් මස්ක්ගේ ඩොලර් බිලියන 97ක ලංසුව OPEN AI සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහි ප්‍රධානී සැම් ඔල්ට්මන් සඳහන් කළේ, අවශ්‍ය නම් එලෝන් මස්ක්ගේ Twitter නොහොත් X සමාගම ඩොලර් බිලියන 9.7කට මිලදී ගැනීමට තමන් සූදානම් බවයි.

CHAT GPT නමැති කෘතීම බුද්ධි යෙදවුමේ මව් සමාගම වන්නේ OPEN AI සමාගමයි.

සතිපතා පරිශීලකයින් මිලියන 100ක් පමණ, CHAT GPT භාවිත කරන බව ද විදෙස් වාර්තාවල සඳහන් වුණා.

World News

Send your contact Details Today