හෙට (12) දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.
එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවයි.
එමෙන්ම අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පහත පරිදි වෙනස් වන බව ද එම මණ්ඩලය සඳහන් කළා.



පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්ර 03ම අක්රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.