Latest News

ශ්‍රී ලංකා යුද හමුදාවේ රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා යුද හමුදාවේ රසාරා විජේසූරිය වසර 7ක් පැරණි මීටර් 10,000 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට ඊයේ සමත්වුණා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දියගමදී සංවිධානය කළ ජාතික තේරීම් තරගාවලියේදී ඊයේ මීටර් 10,000 ඉසව්වට එක්වූ රසාරා මිනිත්තු 33:39.60කින් සිය ඉසව්ව නිමා කළ අතර, එහිදී බිඳවැටුණේ හිරුණි විජේරත්න විසින් 2018 වසරේ ජූනි 9 වැනිදා අමෙරිකාවේදී මිනිත්තු 33:55.06කින් තබා තිබූ වාර්තාවයි.

මේ අතර පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ රණසිංහ මීටර් 82.56ක දක්ෂතාවක් සමඟ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මේ වසර තුළ ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වාර්තා කළ ලොව ඉහළම දක්ෂතාව මෙය වීම විශේෂත්වයක්.

එහි දෙවැනි ස්ථාන ගුවන් හමුදාවේ රුමේෂ් තරංග හිමි කර ගත්තේ මීටර් 79.58කින්.

World News

Send your contact Details Today