Latest News

ලංකාවටම විදුලිය ගිය එක ගැන ලංවිම හේතු කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ විදුලිය බිද වැටීමට බලපා ඇති මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බවයි.

නමුත් මෙම තත්ත්වය නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බවද ඔවුන් සදහන් කර තිබෙන්වාඅ.

පානදුර විදුලි උපපොළ ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බව එහි වැඩිදුරටත් සඳහන්.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි වු බව ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ නමුත් ඊයේ දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කරන බව ඔවුනගේ අදහසයි.

මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් හා ජල පොම්ප බලාගාරවලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් පවන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර ඊයේ (09) සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව සොයාබැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර කමිටුවක් විසින් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සඳහන් කළේ.

මේ අතර බලශක්ති අමාත්‍යංශය විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළා.

එමෙන්ම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

World News

Send your contact Details Today