COVID-19 රෝගය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ මරණ අතරින් දුර්ලභ රෝග අටක් හඳුනාගත් බව ලැන්සෙට් ඩිජිටල් හෙල්ත් පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා.
අනාගත වසංගත සැලසුම්කරණය සහ එන්නත්කරණ ප්‍රතිපත්ති සහ ජාතික සෞඛ්‍ය සේවා සැපයීම ඇතුළු උපාය මාර්ග හමුවේ සිදුකළ අධ්යයනවලදීයි මෙම සොයාගැනීම් සිදුකර ඇත්තේ.
පර්යේෂණයට UCL සහ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්, එක්සත් රාජධානියේ සෞඛ්‍ය දත්ත පර්යේෂකයින් සහ BHF දත්ත විද්‍යා මධ්‍යස්ථානය එක්වූ බවද සඳහන්.
මෙහිදී අනාවරණය කර ඇත්තේ දුර්ලභ රෝග වලින් පෙළෙන සාමාන්‍ය ජනගහනයට වඩා පස් ගුණයකින් කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයන් වෙනත් රෝගවලින් මිය යන බවයි.
වැඩිම අවදානම් තත්වයන් වූයේ වඳභාවයේ ආබාධ සහ වකුගඩු රෝග සම්බන්ධයෙනුන් වනවා.
කොවිඩ් 19 ප්රභේදවල බලපෑම බහු විධ රෝගාබාධවලට හේතුවන අතර ඇතැම් දුර්ලභ රෝග විනිශ්චය සඳහා දිගු කාලයක් මෙන්ම පුලුල් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය බවයි පර්යේෂකයින් වැඩිදුරටත් කියාසිටියේ.