බ්‍රසීලයේ, සාවෝ නගරයේ පිහිටි ජනාකීර්ණ මාර්ගයකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම ගුවන්යානය මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මතට කඩාවැටීමත් සමග එම වාහනද ගිනිගැනීමකට ලක්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.
කෙසේවෙතත් මෙම අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබඳව එරට බලධාරීන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.