අමෙරිකානු ජනප්‍රිය රැප් ගායක කාන්යේ වෙස්ට් තමන්ට ඔටිසම් රෝග තත්වය පවතින බව අනාවරණ කර තිබෙනවා.
ඒ සිය බිරිඳ හැඳ සිටි ඇඳුම හේතුවෙන් ග්‍රැමී සම්මාන රතු පලස මත මුහුණ දුන් මතභේදාත්මක සිදුවීමෙන් දින කිහිපයකට පසුවයි.
ඔහු ඒ බව අනාවරණ කර ඇත්තේ, පොඩ්කාස්ට් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
යේ ලෙස නම වෙනස් කර ගෙන සිටින වෙස්ට් පසුගිය වසර කිහිපය තුළ, බයිපෝල අක්‍රමිකතා නමැති මානසික අවපීඩන තත්ත්වය සම්බන්ධයෙන් නිතර පවසා තිබෙනවා.
ඔහු 2018 දී ඔහුගේ “ye” ඇල්බමයේ කවරයේ සඳහන් කර තිබුණේ ” I hate being Bi-Polar its awesome” යනුවෙන් කොළ පැහැති අකුරු සමඟින්.
එහෙත් සිය රෝගය පිළිබඳ වැරදි ලෙස වටහා ගෙන සිටි බව පැවසූ ගායකයා එහිදී සඳහන් කර ඇත්තේ සැබෑ රෝගී තත්ත්වය හඳුනාගැනීම සඳහා සිය බිරිඳ බියන්කා සෙන්සෝරි සමඟ ගායක ජස්ටින් බීබර්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු සොයාගිය බවයි.
එහිදී තමාට පවතින්නේ ඔටිසම් රෝගය බව හඳුනාගත් බව කාන්යේ වෙස්ට් පවසා තිබෙනවා.