ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉදිරිපත් කළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට එකඟවන රජයේ සේවකයන්ට මාස අටක වැටුප් සහිත විශේෂ යෝජනා ක්‍රමයට අමෙරිකානුවන් 40,000ක් කැමැත්ත පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා වැටුප් ලබා ඉල්ලා අස්විම සඳහා වන අවසන් දිනය වූ ඊයේ ධවල මන්දිරය මේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
රජයේ සේවකයන් 10%ක් ඉවත් කිරීමේ තීරණයකට අනුව ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම යෝජනා ක්‍රමයෙන් අමෙරිකානු රජයේ සේවකයන් ලක්ෂ දෙකක් පමණ ඉල්ලා අස්වනු ඇතැයි මිට පෙර ධවල මන්දිරය අපේක්ෂා කර තිබූ බව ද වාර්තා වනවා.
කෙසේ වුවද ඊයේ අවසන් වූ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ යෝජනා ක්‍රමයට අයැදුම්පත් යොමු කර ඇත්තේ එරට මිලියන 2.3ක රජයේ සේවකයන්ගෙන් 2%ක් පමණක් බවයි වාර්තා වන්නේ.
අවසන් පැය කිහිපය තුළ එම සංඛ්‍යාව වැඩිවනු ඇතැයි ද ධවල මන්දිරය අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.