අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව සහතික කරන බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
චීන රජය කිසිඳු අයුරකින් නීති විරෝධීව දත්ත රැස්කිරීම හෝ ගබඩා කිරීම සිදුකර නොමැති බවද මෙහිදී පවසා තිබෙනවා.
ඒ සඳහා අදාළ සමාගම්වලින් හෝ පුද්ගලයන්ගෙන් කිසිඳු ඉල්ලීමක් හෝ කර නොමැති බවයි Guo Jiakun මෙහිදී පෙන්වා දුන්නේ.
ජාතික ආරක්ෂාව මුවාවෙන් ආර්ථික සහ තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් චීනය සෑමවිටම විරුද්ධ වන බව ද ඔහු පැවසුවා.
එමෙන්ම චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම් චීනය ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි ද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.