යුක්රේනයේ යුද්ධය සඳහා රුසියානු හමුදාව විසින් ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඉන් 59 දෙනෙකු මියගොස් ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල මරණ තහවුරු කර ඇති බවත්, වැඩිදුර තොරතුරු රැස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු පැවසුවේ.
ගැටුමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.