ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස් හි තදාසන්න ප්‍රදේශයක ඇළ මාර්ගයක් බ්‍රහස්පතින්දා දීප්තිමත් රතු පැහැයට හැරුණු අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් බිය ගැන්වී සිටින බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව පාරිසරික රක්ෂිතයකට මායිම්ව ඇති රියෝ ඩි ලා ප්ලාටා මෝයකට ගලා යන දැඩි වර්ණවත් ජලය පින්තූර සහ වීඩියෝවලින් දැක්වෙනවා.
රෙදිපිළි සායම් බැහැර කිරීම හෝ අසල ඩිපෝවකින් රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙම වර්ණය ඇති වන්නට ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.
වර්ණය වෙනස් වීමට හේතුව තීරණය කිරීම සඳහා සරන්ඩි ඇළෙන් ජල සාම්පල ලබාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.