Latest News

දකුණු කොරියාව, DeepSeek ගැන තීරණයක් ගැනීමට යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ කෘතීම බුද්ධි සේවාවක් වන DeepSeek වෙත පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි දකුණු කොරියානු මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

දත්ත එක්රැස් කිරීම පිළිබඳ කනස්සල්ල ඊට හේතුව බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් උපුටා දක්වමින් යොන්හැප් වාර්තා කර තිබුණා.

දකුණු කොරියානු වෙළෙඳ, ආරක්ෂක සහ විදේශ අමාත්‍යාංශ පරිඝණකවලින් DeepSeek වෙත පිවිසීම අවහිර කරනු ලැබීමෙන් දිනකට පසු මුදල් අමාත්‍යාංශයේ නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ අතර පසුගියදා ඔස්ට්‍රේලියාව සහ ඉතාලිය විසින් ද DeepSeek සියලුම රජයේ උපාංග සහ පද්ධතිවල භාවිතය තහනම් කරනු ලැබුවා.

DeepSeek විසින් ජනවාරි මාසයේදී ලොවම මවිතයට පත් කළේ, එය එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන්ගේ කාර්ය සාධන මට්ටමට ගැලපෙන චැට්බෝට් එකක් එළිදක්වන විට, ඊට වඩා අඩු පුහුණු පිරිවැයක් ඇති බව පවසමින්.

AI හා බැඳුණු කොටස් එක රැයකින් තියුණු ලෙස පහත වැටුණු ඔස්ට්‍රෙලියාව ඇතුළුව ජාත්‍යන්තරව ඩොලර් බිලියන ගණනක් කොටස් වෙළෙඳපොළවල් අතුගා දමා තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු රජය අවධාරණය කර ඇත්තේ මෙම තහනම යෙදුමේ චීන සම්භවය නිසා නොව එය ජාතික ආරක්ෂාවට ඇති “පිළිගත නොහැකි අවදානම” නිසායි.

World News

Send your contact Details Today