Latest News

ඉන්දීය නළු සෝනු සූඩ්ට පන්ජාබ් අධිකරණයකින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුපිරි බොලිවුඩ් නළු සෝනු සූඩ්ට එරෙහිව පන්ජාබ් අධිකරණයක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වංචා නඩුවක් සම්බන්ධයෙන්, ලුදියානා අධිකරණ මහේස්ත්‍රාත් රාමන්ප්‍රීත් කෞර් විසිනුන්.

සාක්ෂි ලබා දීම සඳහා සෝනු සූඩ් අධිකරණයට කැඳවනු ලැබුණද, ඔහු පෙනී සිටීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 10ක වංචාවක් සම්බන්ධයෙන් ලුඩියානාහි පදිංචි නීතිඥයෙකු විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ප්‍රධාන විත්තිකරුවන මෝහිත් ශුක්ලා නැමැත්තා ව්‍යාජ ලෙස ආයෝජනය කිරීමට තමාව පොළඹවා ගත් බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.

මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණය සෝනු සූඩ්ට කැඳවූ අවස්ථාවේදීයි ඔහු එය මඟ හැර ඇත්තේ.

ඒ අනුව, ලුඩියානා අධිකරණය සිය නියෝගයෙන්, මුම්බායිහි අන්දෙරි බටහිර ඔෂිවාරා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට සෝනු සූඩ් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

World News

Send your contact Details Today