Latest News

10 දෙනෙකු සමඟ ඇලස්කාවේ ගුවන් යානයක් අතුරුදහන්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදහන් වී තිබෙනවා.

බේරින් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අතුරුදන් වී ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ යානය තුළ මගීන් 09 දෙනෙකු සහ නියමුවා සිට ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කෙසේ වෙතත්, එරට නිලධාරීන්ට අනුව අදාළ ගුවන් යානය කඩා වැටීමට ඉඩ ඇති බව සඳහන්.

මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ වී ඇති අතර, ඊට කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළා.

World News

Send your contact Details Today