Latest News

මාකස් ස්ටොයිනිස් එක්දින පිටියට සමුදෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමටයි ඔහු බලාපොරොත්තු වන්නේ.

35 හැවිරිදි ස්ටොයිනිස් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින මෙන්ම විස්සයි20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙක්.

ඔහු එක්දින තරග 71කදී ලකුණු 1495ක් රැස්කර ඇති අතර, ඊට ශතකයක් හා අර්ධ ශතක 6ක් ඇතුළත් වනවා.

ඊට අමතරව පන්දු යැවීමේදී කඩුලු 48ක් බිඳහෙලා ඇති අතර විස්සයි20 තරග 74කට ක්‍රීඩාකර ඇති ඔහු අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 1,245ක් රැස්කර තිබෙනවා.

ඔහු විස්සයි20 කඩුලු 45කටද හිමිකම් කියනවා.

එක්දින පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් ස්ටොයිනිස් පවසා ඇත්තේ, විස්සයි20 ක්‍රිකට් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

World News

Send your contact Details Today