Latest News

ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවා තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය කිසිදු පදනමක් නොමැති චෝදනා නගමින් අමෙරිකාවට හිතවත් රටවලට ක්‍රියාමාර්ග ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ.

අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමට අදාළ වන විධායක නියෝගයට ට්‍රම්ප් ජනාධිපතිවරයා අත්සන් තැබූ බවයි ධවල මන්දිරය සඳහන් කරන්නේ.

අපරාධ අධිකරණය නියෝජනය කරමින් ඇමෙරිකාවට හා හිතවත් රටවලට එරෙහිව පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම සම්බාධක පනවා තිබෙනවා.

ඔවුන්ට මූල්‍යමය හා වීසා සිමා කිරීම් මේ හරහා පැනවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, අමෙරිකා ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මෙම සම්බාධක පැනවීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today