අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකුට අයත් ජංගම වෙළඳ ට්‍රක් රථයකින් බිත්තර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් තිබෙනවා.
එම බිත්තර තොගයේ වටිනාකම ඩොලර් 40,000ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
“පීට් ඇන්ඩ් ජෙරීස් ඔර්ගනික්ස්” නමින් පවත්වාගෙන යන ජංගම වෙළඳ ට්‍රක් රථයකිනුයි මෙම බිත්තර සොරා ගෙන ගොස් ඇත්තේ.
මේ දිනවල අමෙරිකාවේ බිත්තර මිල ද ඉහළ අගයක පවතිනවා.
අමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණ රෝගය හේතුවෙන් පසුගිය වසරේ සිට මේ දක්වා එරට බිත්තර මිල සියයට 65 කින් පමණ ඉහළ ගියා.