Latest News

ලොව බලවත්ම හමුදා දර්ශකයේ පළමු තැන අමෙරිකාවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත් වී තිබෙනවා.

රටවල් 145ක් ඇතුළත් එම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවට සහ තුන්වැනි ස්ථානය චීනයට හිමි වී ඇති අතර, දකුණු ආසියාවේ බලවත්ම හමුදාව ලෙස ඉන්දියාව එම දර්ශකයේ සිවුවැනි තැනට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, තුර්කිය සහ ඉතාලිය පිළිවෙළින් පස්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර තිබෙනවා.

මීට පෙර 9 වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානයට මෙවර දර්ශකයේ 12 වැනි තැන හිමිවී ඇති බවත්, බංග්ලාදේශය 35 වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාව 69 වැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා යුදගැටුම්වලට මැදි වී සිටින ඊශ්‍රායලය 15 වැනි ස්ථානයේ පසුවන අතර, ඉරානයට 16 වැනි ස්ථානයත්, රුසියාව සමඟ යුද්ධයට පැටලී සිටින යුක්‍රේනයට 20 වැනි ස්ථානයත් ලැබී ඇති අතර, ලෙබනනය 115 වැනි ස්ථානයේ සහ ඇෆ්ගනිස්තානය 118 වැනි ස්ථානයේ පසුවනවා.

World News

Send your contact Details Today