පෙබරවාරි 05 වන බදාදා සිට අමරිකා එක්සත් ජනපදය පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්ති, විවිධත්ව වැඩසටහන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් යැයි විරෝධතාකරුවන් විසින් හඳුන්වනු ලබන ප්‍රොජෙක්ට් 2025 නම් දක්ෂිණාංශික පාලන සැලැස්මට එරෙහිව මෙම විරෝධතා සංවිධානය කෙරුණා.
ඒ අනුව #50501 ව්‍යාපාරය ලෙස හඳුන්වන මෙම විරෝධතා, දින එකක් තුළ ප්‍රාන්ත 50 ක විරෝධතා 50 ක් සංවිධානය කිරීමේ සුවිශේෂී මෙහෙයුමක් වනවා.
විරෝධතාකරුවෝ ප්‍රධාන වශයෙන් ‘ප්‍රොජෙක්ට් 2025’ ප්‍රතික්ෂේප කිරීම සඳහා පෙනී සිටිය අතර මෙම ව්‍යාපෘතිය ප්‍රජනන අයිතිවාසිකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආන්තිකකරණය වූ ප්‍රජාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවයි ඔවුන් චෝදනා කරන්නේ.
තවද, සංක්‍රමණිකයන් සමූහ ලෙස පිටුවහල් කිරීමට සහ දැඩි දේශසීමා පාලනයකට මග පාදන විධායක නියෝගවලට එරෙහිව ද විරෝධතාකරුවෝ හඬ නඟනවා.
කෙසේවෙතත් ලොස් ඇන්ජලීස් නුවර මින් ඉහත පෙබරවාරි 3 වන දින පැවති පෙර විරෝධතාවලදී අධිවේගී මාර්ග අවහිර කෙරුණු අතර, පොලීසිය සමග ඇති වූ ගැටුම්වලදී පුද්ගලයන් 200 ක් අත්අඩංගුවට ගැනුණා.
වොෂිංටන් DC හි විරෝධතා දෙකක් එකවර සිදු වූ අතර එහිදී ට්‍රම්ප් – නෙතන්යාහු හමුවට විරෝධය පළ කෙරුණා.
එමෙන්ම ඊශ්‍රායලයට දෙන හමුදා ආධාර නතර කරන ලෙස ඉල්ලමින් “පලස්තීනය විකිණීමට නොවේ” යනුවෙන් සටන් පාඨ කියූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
මින් ඉහත පෙබරවාරි 3 වන දින “සංක්‍රමණිකයන් නොමැති දිනය” යටතේ රට පුරා ව්‍යාපාර වසා දැමීමක්ද සිදු වූ අතර එය ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තියට එරෙහි විරෝධයක් වුණා.
විරෝධතාකරුවන් ට්‍රම්ප්ගේ ‘විවිධත්ව මුලපිරීම්’ ඉවත් කිරීමට, රාජ්‍ය වෙබ් අඩවි වලින් ‘ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ භාෂාව’ ඉවත් කිරීමට සහ ජනවාරි 6 කැරැල්ලේ සහභාගිවූවන්ට සමාව දීමට එරෙහිව ද හඬ නගනවා.
මෙම විරෝධතා ට්‍රම්ප්ගේ අලුත් න්‍යාය පත්‍රයට එරෙහි ජනතා පෙළගැසීමක් පිළිබිඹු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.