Latest News

ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දවා ගනිමින්, රෂීඩ් ඛාන් T20 ක්‍රිකට් පිටියේ වාර්තාවක් තබයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වන්නට ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත් වුණා.

රෂීඩ් මෙලෙස අබිබවා ගියේ මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ තබා තිබූ කඩුලු 631 වාර්තාවයි.

තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන ඛාන් දඟ පන්දු යවන්නෙකු වන අතර ඔහු මෙම නවතම වාර්තාවට දකුණු අප්‍රිකානු T20 ලීගයට එක්වෙමින් සමත්කම් පෑවා.

ඔහුට බ්‍රාවෝ අබිබවා යන්නට අවශ්‍ය වූයේ එක් කඩුල්ලක් පමණක් වූ අතර ඔහු එම කඩුල්ල ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දවා ගනිමින් ලබා ගත්තා.

පාර්ල් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව SA20 සුදුසුකම් ලැබීමේ පළමු තරගයේ දී මෙම දක්ෂතාව දැක්වූවා.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෂීඩ් පැවසුවේ, “එය විශිෂ්ට ජයග්‍රහණයක්, මීට වසර 10කට පෙර ඔබ ඒ ගැන මගෙන් ඇසුවා නම් මම ඒ ගැන කිසි විටෙකත් සිතන්නෙ නම් නැතිවෙයි. ඇෆ්ගනිස්ථානයෙන් පැමිණීම සහ මේ ලැයිස්තුවේ ඉහළින්ම මට ඉන්න ලැබීම ගැන දැනෙන්නේ ආඩම්බර හැඟීමක්. බ්‍රාවෝ හොඳම T20 පන්දු යවන්නන්ගෙන් කෙනෙක්. ඒක මහත් ගෞරවයක්. මෙතැන් සිට තවත් ඉදිරියට යාමට මම බලාපොරොත්තු වෙනවා ” යනුවෙන්.

මේ වනවිට රෂීඩ් බිඳ හෙලා ඇති කඩුලු ගණන 633ක්.

World News

Send your contact Details Today