සංක්රාන්ති ලිංගික ක්රීඩක ක්රීඩිකාවන්, කාන්තා ක්රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට කාන්තා ක්රීඩාව කාන්තාවන්ට පමණක් වනු ඇති බවයි අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ.
එමෙන්ම සංක්රාන්ති ලිංගික ක්රීඩක ක්රීඩිකාවන් සඳහා කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ප්රතික්ෂේප කිරීමට ද රජයේ ආයතන සඳහා මෙම නියෝගය මගින් බලය ලබා දෙනු ඇති.
ඔහු බලයට පත්වීමෙන් පසු සංක්රාන්ති ලිංගිකයන් ඉලක්ක කර ගනිමින් ගත් නවතම පියවර එයයි.
සංක්රාන්ති ලිංගික පිරිස අමෙරිකානු ජනගහනයෙන් සුළුතරයක් වන අතර එය ද නොතකා මෙම පියවර ගෙන ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වනවා.