ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු තමන් පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඊට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමේ සූදානමින් සිටින බව දිමුත් කරුණාතරන් පවසනවා.
ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට (6) ගාල්ලේදී ක්‍රීඩාකරන තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අදහස් දක්වමින් දිමුත් මේ බව පැවසුවා.
මෙය දිමුත්ගේ 100වන ටෙස්ට් තරගය ද වේ මෙන්ම එය ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන අවසන් තරගය වනු ඇති.
සිය සමුගැනීම හා ඉදිරි වැඩකටයුතු පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ දිමුත් කරුණාරත්න…
“මම ක්‍රිකට් නැවැත්තුවාට පසුව පුහුණුකරුවෙකු වෙන්න සුදුසුකම් හදාගන්න තීරණය කරලා තියෙනවා. පුහුණුකරුවෙකුට ලෙවල් 2, 3, 4 සුදුසුකම් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඉන් ලෙවල් 2,3 ඔස්ට්‍රේලියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා.
ක්‍රිකට්වලම ගොඩක් කාලයක් හිටපු නිසා ඉන් ටිකක් මිදිලා අම්මලා තාත්තාලා එක්ක එහෙ (ඔස්ට්‍රේලියාවේ) ජීවිතය ගෙවන්න කැමතියි. ඉන් පසු මම තීරණය කර තිබෙනවා මගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණු කරන්න ලබාදෙන්න.
අවුරුදු 3,4කට පස්සේ මම පුහුණුකාරිත්ව පැත්ත ලොකුවට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා”