ඕස්ට්‍රේලියාවේ සවුත් වේල්ස්හි ප්‍රවාහන අමාත්‍යවරිය වන ජෝ හේලන් නිව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, ඇය පෞද්ගලික අවශ්‍යතා සඳහා අමාත්‍යංශයට වෙන්කර ඇති නිල මෝටර් රථයක් භාවිත කිරීම පිළිබඳ හෙළිදරව් වීමෙන් අනතුරුවයි.
දිවා භෝජන සංග්‍රහයකට තමා සහ මිතුරන් කිහිපදෙනෙකු එම රථයෙන් රැගෙන යන ලෙස හේලන් ඇගේ රියදුරුගෙන් ඉල්ලා ඇති බව අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
චෝදනාවට ලක්වූ අමාත්‍යවරිය එම ගමනේදී සිඩ්නි නුවර සිට කේව්ස් බීච් හි නිවාඩු නිකේතනයක් දක්වාත්, පසුව හන්ටර් වැලි වයින් කර්මාන්ත ශාලාවකට ගොස් නැවත පැමිණීම සඳහා රියදුරු පැය 13 ක කාලයක් කිලෝමීටර 446 ක සංචාරයකට සම්බන්ධ කර ගෙන තිබෙනවා.
”මම වැරදි කළා; මිනිසුන් සර්වසම්පූර්ණ නැහැ ”හේලන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක නොවන බව ද වාර්තා වනවා.
නිව්සවුත් වේල්ස් හි වත්මන් නීති යටතේ අමාත්‍යවරුන්ට සිය මෝටර් රථ සහ රියදුරන් පෞද්ගලික අරමුණු සඳහා භාවිත කළ හැක.
එහෙත් සති අන්තයේ මිතුරන් සමග සිදුකළ සංචාරය සුදුසු නොවන බව හේලන් පිළිගෙන තිබෙනවා.
එමෙන්ම 2024 දී අමාත්‍යවරුන්ට ලබා දී තිබූ මෝටර් රථයක් භාවිත කරමින් තම ස්වාමිපුරුෂයා සමඟ හන්ටර් නිම්නය වෙත ගොස් තිබූ බව ද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් අමාත්‍යවරිය පිළිගෙන තිබෙනවා.