Latest News

පාකිස්තාන හමුදාවට බලුකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන හමුදාව ඉලක්ක කරමින් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

බලුකිස්තාන ප්‍රාන්තයේ ග්වාඩර් ඇතුළු දිස්ත්‍රික්ක හතරකදී හමුදා සෙබළුන් සහ ඛනිජ තෙල් ප්‍රවාහනය කරනු ලබන ට්‍රක් රථ ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එම ප්‍රහාරවලදී හමුදා සෙබළකු ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකු මියගිය බව ද සඳහන්.

ආයුධ සන්නද්ධ කණ්ඩායම හමුදා සෙබළුන්ට ප්‍රහාර එල්ල කර ගිනි අවි පැහැර ගෙන ගොස් ඇති අතර, ඛනිජ තෙල් ප්‍රවාහන ට්‍රක් රථවලට දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.

බලුකිස්තානයේ ප්‍රදේශ රැසකින් හමුදා සහ පොලිස් මුරපොළවල් ඉලක්ක කරමින් පසුගිය ජනවාරි මාසයේදී එවැනි ප්‍රහාර 5ක් එල්ල වූ බවත්, එහිදී අවි ආයුධ රැසක් පැහැරගැනීමට ලක්වී ඇති බවත් පාකිස්තාන මාධ්‍ය සඳහන් කරනවා.

පාකිස්තාන හමුදාව මේ වනවිට බලුකිස්තානය පුරා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වනවා.

World News

Send your contact Details Today