ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID ආයතනය වසා දැමීමේ කටයුතු සිදුවෙමින් පවතින බව අමෙරිකානු රජයේ කාර්යක්ෂම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බිලියනපති ව්‍යාපාරික ඉලෝන් මස්ක් පවසනවා.
ඒ අනුව වොෂින්ටන් හි USAID මූලස්ථානයේ සේවකයින්ට සේවයට වාර්තා නොකරන ලෙසට දන්වා ඇති බව වාර්තා වනවා.
USAID යනු ලොව විශාලතම ආධාර සපයන ආයතනය වන අතර 2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72ක මුදලක් එමගින් පරිත්‍යාග කර තිබෙනවා.
2024 වසරේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහන් සඳහා 42%ක පරිත්‍යාගය සිදුකර ඇත්තේද USAID ආයතනය විසින්.