Latest News

ශකීරා 2025 ග්‍රැමී සම්මාන දිනූ අවස්ථාවේ, ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති ගැන විවේචනයක් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ශකීරා 2025 ග්‍රැමී සම්මාන උළෙලේදී “ලාස් මුජෙරස් යා නෝ ල්ලෝරන්” (කාන්තාවන් තවදුරටත් හඬන්නේ නැත) නම් ඇල්බමය සඳහා හොඳම ලතින් පොප් ඇල්බම් සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

ලුයිස් ෆොන්සී, කානි ගාර්සියා, අනිට්ටා සහ කාලි උචිස් යන ශිල්පීන් පරදවමින් සම්මානය දිනා ගත් ශකීරා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන දේ සම්බන්ධයෙන් හැඟීම්බර කතාවක් පැවැත්වූවා.

එහිදී අමරිකාවේ ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්ති හේතුවෙන් මෑත දිනවල සිදුවන පිටුවහල් කිරීම් හමුවේ දුක් විඳින තමන්ගේ ලතින් ප්‍රජාවට අයත් සංක්‍රමණිකයින් වෙනුවෙන් ඇය විශේෂ පණිවිඩයක් ලබා දුන්නා.

“මෙය විශ්මයජනකයි, බොහොම ස්තූතියි. මම මෙම සම්මානය මගේ සංක්‍රමණික සහෝදර සහෝදරියන්ට පුද කරනවා. ඔවුන් මෙම රට මහා දැවැන්ත රටක් බවට පත් කරනවා. ඔවුන්ට මා ආදරෙයි, ඔවුන් වටිනවා, ඔවුන් අගනා පිරිසක්… මම ද සිහිනයක් සමඟ මෙම රටට පැමිණි සංක්‍රමණිකයෙක්… ලතින් ජනතාව නතර කළ නොහැකි බලවේගයක්. මම ඔවුන් සමඟ සහ ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට වෙහෙසෙනවා,” යැයි ඇය එහිදී පැවසුවා.

මෙම සම්මාන උළෙලේදී කෙන්ඩ්‍රික් ලමාර්, චාලි එක්ස්සීඑක්ස්, සැබ්‍රිනා කාපෙන්ටර්, ලේඩි ගාගා සහ මයිලි සයිරස් වැනි කලාකරුවන්ද සම්මාන දිනා ගත්තා.

ශකීරාගේ ජයග්‍රහණය සහ ඇගේ පණිවිඩය වර්තමාන දේශපාලන වාතාවරණය තුළ සංක්‍රමණික ප්‍රජාවන්ගේ අයිතීන් සහ දායකත්වය පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ඇති කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

World News

Send your contact Details Today