Latest News

ලෝක විවාහක රූ රැජින දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි යළි මව් රටට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි ඇයව පිළීගැනීම සදහා ”සිල්ක් රූට්” පර්යන්තයේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක්ද සංවිධානය කර තිබූ බවයි Radio WESL ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

එම අවස්ථාවට ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්වුණා.

මෙවර ලෝක විවාහක රූ රැජිණ තරගයේ පළමු ස්ථානය හිමි වුණේ දකුණු අප්‍රිකාවටයි.

World News

Send your contact Details Today