2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 3 වැනිදා වන විට, යුවාන් බිලියන 8.02 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්රපට පරිපාලන වාර්තා සඳහන් කර තිබෙනවා.
ඒ අතරින්, ” Ne Zha 2″ චිත්රපටය යුවාන් බිලියන 3.8 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට ආසන්න ආදායමක් ඉපැයීමට ද සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට, මෙම වසරේ චීනයේ ප්රදර්ශනය කෙරුණු සමස්ත චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 9.8 ඉක්මවා ඇති අතර, එය උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන තිබෙනවා.