අමෙරිකාවේ යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක්, එරට හූස්ටන් ගුවන්තොටපොළෙන් ගුවන්ගතකිරීමට මොහොතකට පෙර එහි එන්ජිමක ගින්නක් හටගෙන තිබුණා.
ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 108 දෙනෙක් සිට ඇති අතර ඔවුන් සියලුදෙනාම කඩිනමින් ඉවත් කර ගින්න පැතිරීම පාලනයට බලධාරීන්ට හැකි වී තිබුණා.