ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය උග්‍ර වීමත් සමඟ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා
උතුරු ප්‍රාන්තයේ මේ දක්වා ඇදහැලෙන අධික වර්ෂාවෙන් පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස ද අහිමි වි ඇති බව සඳහන් වේ.
එමෙන්ම වේලි සහ ගංගා පිටාර ගැලීමේ මට්ටමට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා
මේ අතර දරුණු ලෙස හානියට පත් නගර කිහිපයකට ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.