Latest News

2024 YR4 ග්‍රාහකය පෘථිවියේ ගැටීමේ සම්බාවිතාවයක් (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෑත කාලයේදී සොයාගත් 2024 YR4 ග්‍රාහකය 2032 දෙසැම්බර් 22 වනදා පෘථිවියේ ගැටීමේ සියයට 1.2ක සම්භාවිතාවක් පවතින බව යුරෝපානු අභ්‍යාවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය පවසනවා.

යම් හෙයකින් එය පෘථිවියේ ගැටුණ හොත් ඉන් දැඩි හානි සිදුවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

එය 2024 දෙසැම්බර් මාසයේදී ESO හි ඉතා විශාල දුරේක්ෂයක් හරහා හඳුනාගෙන තිබුණා.

ග්‍රහකය රාමුවේ මධ්‍යයේ ස්ථාවරව පවතින පරිදි රූප පෙළගස්වා ඇති අතර තරු පසුබිමේ චලනය වන බව පෙනෙන බවයි පෙනී යන්නේ.

මෙවැනි පසු විපරම් නිරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ එය 2032 දෙසැම්බර් 22 වන දින ආරක්ෂිතව පෘථිවිය පසුකර යාමට 99% කට ආසන්න සම්භාවිතාවක් ඇති බවයි, නමුත් සිදුවිය හැකි බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකියි.

World News

Send your contact Details Today