කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා ඇමරිකාව විසින් තීරුබදු පැනවීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.
ඒ අනුව මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25 ක සහ චීනයට සියයට 10ක තීරු බදු පැනවීමට ඇමරිකාව සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, කැනඩාවෙන් ආනයනය කරන ඉන්ධන සදහා සියයට 10ක් හෝ ඊට අඩු තීරු බද්දක් පැනවෙනු ඇති බව ද එම වාර්තාවල සඳහන්.