Latest News

ඔස්ට්‍රේලියා Student Visa ගැන නවතම දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නිකුත් කිරීම වාර්තා ගත මට්ටමින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව විදේශයන්හි සිට අයදුම් කරන විශ්ව විද්‍යාල සිසුන් සඳහා වීසා ප්‍රදානය පසුගිය නොවැම්බරයේ 17,000 (දහ හත් දහසකට) ආසන්න වූ බවයි ස්වදේශ කටයුතු සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

ඒ අතර ඉන්දියාව ප්‍රමුඛ තැනක් ගෙන තිබෙනවා.

2023 වසරේ විදේශීය සිසුන් හත් ලක්ෂ හතලිස් හසදහක් (746,000) රට තුළට ඇතුළු වී ඇති අතර ඒ අතර චීනය, ඉන්දියාව සහ නේපාලයේ පෙරමුණේ පසුවනවා.

දකුණු ආසියාවේ සමහර රටවල ශිෂ්‍යයන් මෙම ශිෂ්‍ය වීසා ක්‍රමය ඔස්සේ අධ්‍යාපනයට වඩා රැකියා සඳහා මූලිකත්වය ලබාදීම කනස්සල්ලට කරුණක් බව පෙන්වාදුන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේදී ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් තවදුරටත් කළමණාකරණයට කටයුතු කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර බඳවා ගැනීම් අවම කිරීමේ අරමුණින් මේ වසරේ වීසා ගාස්තු දෙගුණ කිරීම, අයදුම්කරුවන් සඳහා මූල්‍ය අවශ්‍යතා ඉහළ නැංවීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එරට රජය පසුගියදා කටයුුතු කළා.

World News

Send your contact Details Today