Latest News

ඇෆ්ගන් ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්තාන වේග පන්දු ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන්නෙකු වන ෂාපූර් සද්‍රාන් 37 හැවිරිදි ක්‍රීඩකයෙක්.

ඔහු එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘති සඳහා ඇෆ්ගනිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

2009 වර්ෂයේ දී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ෂාපූර් සද්‍රාන් එක්දින තරග 44ක් ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 43ක්.

ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 24කට කඩුලු 04ක් බිඳ හෙළීමයි.

ෂාපූර් සිය අවසන් එක්දින තරගය 2020 වර්ෂයේ ක්‍රීඩා කළා.

ඉන් පසුව ඔහු කිසිදු ජාත්‍යන්තර එක්දින තරගයකට එක් වූයේ නැහැ.

විස්සයි20 තරග 36 ක් ක්‍රීඩා කර ඇති අතර, ආකෘති දෙකෙහිම කඩුලු 80 ක් දවාගෙන තිබෙනවා.

ෂාපූර් සද්‍රාන් තමන්ව හඳුන්වා ගත්තේ පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්තම පන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් තමන්ගේ චරිතය බවයි.

2015 එක්දින ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ෂාපූර් සද්‍රාන් කඩුලු 10ක් බිඳ දැමූ අතර ඊට ගොදුරු විශිෂ්ට ක්‍රීඩකයින් ලෙස ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, තිලකරත්න ඩිල්ෂාන් සහ මහමුදුල්ලා ඇතුළත්.

World News

Send your contact Details Today