Latest News

සිරියාවේ නව ජනපතිගෙන් ප්‍රතිඥාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවේ නව ජනාධිපති අහමඩ් අල්-ෂාරා, එරට සමූල ඝාතනයන්ට සහය වූ පිරිස් සෙවීමට ප්‍රතිඥා දී තිබෙනවා.

ඔහු එසේ ප්‍රකාශ කර ඇත්තේ, ඩමස්කස් නුවර පැවති උත්සවයකින් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින්.

බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති බෂාර් අල්-සාද්ගේ වසර 13ක පාලනය බිදවැටීමෙන් පසු අසාද්ට විරුද්ධ වූ සියලු‍ කැරලිකාර කණ්ඩායම් විසුරුවා හැර ඔවුන්ව රාජ්‍ය ආයතනවලට එක් කරගන්නා බව ද නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම නව ව්‍යවස්ථාවක් අනුමත කරන තෙක් පාලනයට සහාය වීම සඳහා අතුරු ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන බවයි සිරියාවේ නව ජනාධිපති අහමඩ් අල්-ෂාරා සදහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today