ඉතාලිය විසින් DeepSeek ජංගම දුරකථන යෙදූම භාවිතා කිරීම අත්හිටුවා තිබෙනවා.
මෙය චීනයට අයත් ජංගම දුරකථන යෙදවුමක්.
ඉතාලි ජනතාවගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා මෙම නියෝගය වහාම ක්රියාත්මක කරන බවයි ඉතාලිය නිවේදනය කර ඇත්තේ.
Deepseek ජංගම දුරකථන යෙදවුම පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත භාවිතා කරන ආකාරය පිළිබඳව ඉතාලිය පැහැදිලි කිරීමක් ඉල්ලා තිබුණා.
නමුත් චීන සමාගමෙන් ඊට යහපත් ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් එම ජංගම දුරකථන යෙදවුම ඉතාලියේ අත්හිටුවන බවයි නිවේදනය කර ඇත්තේ.