අමෙරිකා ගුවන් අනතුරෙන් විපතට පත්වූවන් සෙවිමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව අමෙරිකා සහන කණ්ඩායම් පවසනවා.
වොෂින්ටන් ආශ්රිත පොටෝමැක් ගංගාවේ එම මෙහෙයුම් සිදුකිරීම හේතුවෙන් දින කිහිපයක් ගත විමේ හැකියාව ද පවතිනවා.
අමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අනතුර සිදුවූ ස්ථානයේ ගංගාවේ ගැඹුර අඩි 24ක් පමණ වන බවයි එම ආයතනය පවසන්නේ.
300කට වැඩි පිරිසක් මෙහෙයුම් සඳහා එක්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර මෙම අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 60ක් සහ හෙලිකොප්ටරයේ සිව්දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අනතුරින් පසු අසල පිහිටි ගගකට ගුවන් යානය සහ හෙලිකොප්ටරය කඩා වැටුණු අතර, මේ වන විටත් සෙවීම් කටයුතු සිදු කරමින් පවතිනවා.