Latest News

ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක්, මහජනතාවට වැඩිපුර සහභාගී විය හැකි නිදහස් උත්සවයක් බවට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබේරත්න පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ  අද (30) පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.

මීට පෙර පැවැත්වෙන ගාලු මුවදොර පිටිය වෙනුවට වෙවර නිදහස් චතුරස්‍රයේදි 77 වැනි නිදහස් දින සමරු උළෙල පැවැත්වෙන බවයි ඔහු සඳහන්කර සිටියේ.

එමෙන්ම මෙවර නිදහස් උළෙලේ සංයුතිය පිළිබඳව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා අදහස් දැක්වීමක් මෙහෙදී සිදුකළා.

එහිදී ඔහු සඳහන්කර සිටියේ හමුදා සාමාජිකයින් 1,873ක් මෙම සැමරුම් පෙළපාලියට සහභාගීවෙන බවයි.

එය පෙර වසරට වඩා 1,511ක් අඩුවීමක් සිදුකර ඇති අතර පෙළපාලියේ ඇති අභිමානය රැකෙන පරිදි එය සැලසුම් කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

එය 40%ක අඩුකිරීමක් බවයි ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ගුවන් හමුදාවේ ගුවන් යානා 03ක් පමණක් මෙවර සහභාගී කරගන්නා අතර සන්නද්ධ රථ පෙළපාලී මෙවර සහභාගී නොවන අතර සාමාජික පෙළපාලිය පමණක් සහභාගී කරගන්නා බවත් සඳහන්.

නාවික හමුදාව විසින් සම්ප්‍රධායානුකූලව පැවැත්වෙන ආචාර වෙඩිමුර 25ක් පවත්වන අතර එය දහවල් 12ට පවත්වන බවයි ඔහු සඳහන්කර සිටියේ.

නිදහස් සැමරුම සදහා සම්පූර්ණ ආරක්ෂක අංශවල සහභාගීත්වය 4,421ක් බව සඳහන් අතර එය පහතින් දැක්වේ.

  • නාවික හමුදාව – 668
  • ගුවන් හමුදාව- 776
  • ශ්‍රි ලංකා පොලිස් සහ විශේෂ කාර්ය බලකාය- 549
  • සිවිල් ආරක්ෂක බලකාය – 370
  • ශ්‍රී ලංකා හමුදාව – 2,052
  • වෙනත් – 552

එමෙන්ම රථ වාහන සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් මෙහිදී සිදුකර සිටියා.

ඒ අනුව පෙබරවාරි 4 වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත 29, 30, 01 සහ 02 යන දිනයන්හි සහ නිදහස් දින සැමරුම් උත්සව දිනයේ කොළඹ ප්‍රදේශයේ නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙනවා.

මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්

A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම.
B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම.
C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම.
D. ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම.
E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම.
F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම.
G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම.
H. පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම)
I. නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.

ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර පහත පරිදි කොළඹට ඇතුල් විය හැකිය.

01. නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුල් විය හැකිය.
02. බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කල හැකිය.
03. විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කල හැකිය.

ජනතාවට නිදහස් උත්සවය නැරඹීමට පැමිණීමේදී බෞද්ධාලෝක මාවත ඔස්සේ ප්‍රේමකීර්ති අල්විස් මාවත ඔස්සේ ඇතුළුවන ලෙසත් පොලිසිය මහජනතාගෙන් ඉල්ලා සිටිනවා.

පෙළපාලිය ආරම්භ වූ පසු පදනම් ආයතනයෙන් පමණක් මහජනතාවට ඇතුලත්විය හැකි අතර බෞද්ධාලෝක මාවත ඔස්සේ ප්‍රේමකීර්ති අල්විස් මාවත ඔස්සේ ඇතුළුවිය හැකි බවත් සඳහන්.

ආරාධනා පත්‍ර නොමැති මහජනතාවට වාහන ගාල් කිරීමේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දොරටු 2, 3 විවෘත කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න හමුවේ වැඩිදුරටත් අදහස් පළකරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන්කළේ නිදහස් උළෙල සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාසටද ආරාධනා කර ඇති බවයි.

World News

Send your contact Details Today