Latest News

හදිසි ලැව්ගිනි තත්වයක් නිසා මෙල්බන් ප්‍රදේශ කිහිපයක් අවදානමේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊයේ (29) රාත්‍රියේදී මෙල්බන් සිට කිලෝමීටර් 300 ක් බටහිරින් ලැව් ගිනි තත්වයක් ඇතිවී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (30) උදෑසන Glenisla, Mooralla, Rocklands සහ Woohlpooer යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙත බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ දී ඇති වූ මෙම ලැව් ගිනි තත්වය සක්‍රීයව පැවති හෙයින් විවිධ දිශාවන්ට පැතිරී ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා විසින් අවධාරණය කර ඇත්තේ මේ වනවිට ලැව් ගිනි තත්වය පාලනය කර තිබුණ ද Hoffmans සහ Woohlpooer මාර්ග අතර බටහිර මායිමේ පිහිටි ඇතැම් ස්ථානවලට ඒ හරහා බලපෑම් ඇති විය හැකි බවයි.

මේ අතර කැවෙන්ඩිෂ් සිට හෝර්ෂම් දක්වා දිවෙන අධිවේගී මාර්ගය ද මේ වනවිට වසා දමා තිබෙනවා.

ගිනි නිවන භට කණ්ඩායම් අදාළ ලැව් ගිනි තත්වය පාලනය කිරීම සදහා කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today