වොෂින්ටන් ඩී.සී. හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසලදී ඊයේ රාත්‍රී (29) 09:00 ට පමණ මගීන් 64 දෙනෙකු රැගත් අමෙරිකානු ගුවන් සේවයේ 5342 ගුවන් යානය එක්සත් ජනපද හමුදා බ්ලැක් හෝක් හෙලිකොප්ටරයේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අතරතුර පොටොමැක් ගඟට ඉහළිනුයි සිදුව ඇත්තේ.
ජීවිත හානි සහ අනතුරට හේතුව පිළිබඳ විස්තර තවමත් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.